Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #86 Translated in Sinhalese

وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
තවද අය්යූබ්, නියත වශයෙන්ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමග වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝම ඉවසිලිවන්තයින් අතරින් වූහ.
وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُمْ مِنَ الصَّالِحِينَ
තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.

Choose other languages: