Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #89 Translated in Sinhalese

وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝම ඉවසිලිවන්තයින් අතරින් වූහ.
وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُمْ مِنَ الصَّالِحِينَ
තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.
وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ
තවද මත්සයාට අයත් (යූනුස්), ඔහු කෝපයට පත් ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි බලය නොදරනු ඇතැයි ඔහු සිතුවේය. පසු ව ඔහු අන්ධකාරයන්හි සිට ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මම අපරාධකරුවන් අතරින් වීමි යැයි ඇමතීය.
فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنْجِي الْمُؤْمِنِينَ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු ව දුකින් මුදවා ගත්තෙමු. එලෙසය අපි දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගනුයේ.
وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ
තවද සකරිය්යා, මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනි ව අතහැර නොදමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේය.

Choose other languages: