Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #83 Translated in Sinhalese

فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුටම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමග (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදුකරන්නන් ලෙස සිටියෙමු.
وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَكُمْ لِتُحْصِنَكُمْ مِنْ بَأْسِكُمْ ۖ فَهَلْ أَنْتُمْ شَاكِرُونَ
තවද නුඹලාගේ යුද ගැටුමින් නුඹලා ව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබියදී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවදසියලු දෑ පිළිබඳ ව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු.
وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
තවද අය්යූබ්, නියත වශයෙන්ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: