Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #26 Translated in Sinhalese

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය.
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් ඔවුහුමය විමසනු ලබනුයේ.
أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ
එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන්ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය නොදනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති.
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ
‘තවද නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මටම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධය. නමුත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.

Choose other languages: