Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #29 Translated in Sinhalese

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ
‘තවද නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මටම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධය. නමුත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ
ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහු ව අබිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්රියාත්මක වෙති.
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَٰهٌ مِنْ دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
තවද ඔහු නොව සැබැවින්ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

Choose other languages: