Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #11 Translated in Sinhalese

6:7
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කර එය ඔවුන් ඔවුන්ගේ අත් වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටින්නට තිබිණි.
6:8
وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنْزَلْنَا مَلَكًا لَقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنْظَرُونَ
තවද මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) සුරදූතයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු විමසූහ. එසේ අපි සුරදූතයෙකු පහළ කර තිබුණේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබන්නට තිබිණි. ඉන් පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත.
6:9
وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ
අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
(නබිවරය!) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ලක් වූහ. කවර දෙයක් ගැන ඔවුන් සමච්චල් කරමින් සිටියෝ ද එයම එසේ උපහාස කළ අය ව වටකර ගත්තේය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: