Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #13 Translated in Sinhalese

6:9
وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ
අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
(නබිවරය!) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ලක් වූහ. කවර දෙයක් ගැන ඔවුන් සමච්චල් කරමින් සිටියෝ ද එයම එසේ උපහාස කළ අය ව වටකර ගත්තේය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ? යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු දේවත්වය විශ්වාස නොකරති.
وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.

Choose other languages: