Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #139 Translated in Sinhalese

قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය කා හට යහපත් වන්නේ දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.
وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ
ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා වනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
තවද එලෙසම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වීය. ඔවුන් (හවුල්කරුවන්) ඔවුන් ව විනාශ කරනු පිණිස හා ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිසය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.
وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ ۚ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ
මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත්ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නොකළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නොකරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත.
وَقَالُوا مَا فِي بُطُونِ هَٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. තවද අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය; සර්ව ඥානීය.

Choose other languages: