Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #142 Translated in Sinhalese

وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ ۚ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ
මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත්ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නොකළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නොකරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත.
وَقَالُوا مَا فِي بُطُونِ هَٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. තවද අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය; සර්ව ඥානීය.
قَدْ خَسِرَ الَّذِينَ قَتَلُوا أَوْلَادَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا مَا رَزَقَهُمُ اللَّهُ افْتِرَاءً عَلَى اللَّهِ ۚ قَدْ ضَلُّوا وَمَا كَانُوا مُهْتَدِينَ
කිසිදු දැනුමකින් තොරව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින්ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුන් යහමඟ ලද්දන් නොවූහ.
وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۚ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ ۖ وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
විහිදී වැඩෙන උයන් ද (ඉඳි ගස් වැනි) විහිදීමකින් තොරව වැඩෙන උයන් ද ඉඳි ද එහි ආහාරය විවිධ වූ පැළෑටි ද ඔලිව් ද දෙළුම් ද එකිනෙකට සමාන වශයෙන් හා එකිනෙකට සමාන නොවන වශයෙන් බිහි කළේ ඔහුය. නුඹලා එහි පල හට ගැණුනු විට එහි පලදාවෙන් අනුභව කරනු. තවද එහි අස්වැන්න නෙළා ගන්නා දින එහි උරුමය දෙනු. තවද නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය කරන්නේ නැත.
وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
ගොවිපළ සතුන් අතරින් පොදි උසුලන්නන් හා පරිබෝජනය සඳහා වූ සත්ත්වයින් ද ඇත. අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

Choose other languages: