Quran Apps in many lanuages:

Surah Al-Ahqaf Ayahs #9 Translated in Sinhalese

وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳ ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُبِينٌ
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය එම සත්‍ය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසූහ.
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ
“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: