Quran Apps in many lanuages:

Surah Adh-Dhariyat Ayahs #30 Translated in Sinhalese

فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ
එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ
ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ
ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ
එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.
قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ
“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්තය.” යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: