Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #15 Translated in Sinhalese

يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝය.

Choose other languages: