Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #17 Translated in Sinhalese

أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝය.
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේය.

Choose other languages: