Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #14 Translated in Sinhalese

فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ
එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.

Choose other languages: