Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #96 Translated in Sinhalese

لَنْ تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنْفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَىٰ نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ ۗ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ
තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමත ව තිබිණ යැයි (නබිවරය) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.
فَمَنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
එබැවින් කවරෙක් එයට පසු ව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.
قُلْ صَدَقَ اللَّهُ ۗ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් සත්‍ය පැවසුවේය. එබැවින් නුඹලා අවංක ලෙසින් ඉබ්‍රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය.
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ
ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (නොහොත් මක්කා) වෙහි පිහිටා දෑ ය.

Choose other languages: