Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #88 Translated in Sinhalese

قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
අපි අල්ලාහ් ව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නොකරමු. තව ද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු යැයි නුඹ පවසනු.
وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.
كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහු ව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්‍රතික්ෂේප කළ ජනයා ව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.
أُولَٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
සැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්‍රතිඵල වශයෙන් හිමි වන්නෝ.
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
එහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නොලැබේ.

Choose other languages: