Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #89 Translated in Sinhalese

وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.
كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහු ව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්‍රතික්ෂේප කළ ජනයා ව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.
أُولَٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
සැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්‍රතිඵල වශයෙන් හිමි වන්නෝ.
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
එහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නොලැබේ.
إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නමුත් ඉන්පසු ව පශ්චාත්තාප වී තමන් නිවැරදි කර ගත් අය හැර. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

Choose other languages: