Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #78 Translated in Sinhalese

يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.
وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ
දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නොදෙති. එය, ලිවීමට කියවීමට නොදත් අය අතර අපට විරුද්ධව කිසිදු මඟක් නොමැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තවද ඔවුහු දැන දැනම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරති.
بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِ وَاتَّقَىٰ فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අය ව ප්‍රිය කරන්නේය.
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَٰئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නොලබනුයේ ඔවුහුමය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. ඔවුන් දෙස නොබලයි. තවද ඔවුන් ව පිවිතුරු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُمْ بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِنْدِ اللَّهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ
තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිසය. නමුත් එය ධර්ම ග්‍රන්ථයෙන් නොවෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නොවෙයි. තවද ඔවුහු දැනුවත් ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.

Choose other languages: