Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #72 Translated in Sinhalese

إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරු ය.
وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
නුඹලා ව නොමඟ යවන්නට ඇත් නම් යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුන් නොමඟ හැරියේ නැත. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ
අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ
දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහුය.
وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ
දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු. ඔවුන් (ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති.

Choose other languages: