Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #71 Translated in Sinhalese

مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
ඉබ්‍රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නොවීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නොවීය.
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරු ය.
وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
නුඹලා ව නොමඟ යවන්නට ඇත් නම් යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුන් නොමඟ හැරියේ නැත. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ
අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ
දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහුය.

Choose other languages: