Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #64 Translated in Sinhalese

الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ
මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නොවනු.
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසු ව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.
إِنَّ هَٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහුම ය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ.
فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ
එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳ ව සර්ව ඥානී ය.
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ
අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ් ගෙන් තොර ව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු.

Choose other languages: