Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #63 Translated in Sinhalese

إِنَّ مَثَلَ عِيسَىٰ عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ ۖ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ
නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට “වනු” යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය.
الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ
මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නොවනු.
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසු ව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.
إِنَّ هَٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහුම ය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ.
فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ
එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳ ව සර්ව ඥානී ය.

Choose other languages: