Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #54 Translated in Sinhalese

وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۗ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.
فَلَمَّا أَحَسَّ عِيسَىٰ مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ
ඔවුන්ගෙන් වූ දේව ප්‍රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි 'අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන්දැ?' යි විමසා සිටියේය. ගෝලයෝ 'අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු' යැයි පවසා සිටියෝය.
رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය.

Choose other languages: