Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #19 Translated in Sinhalese

قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُطَهَّرَةٌ وَرِضْوَانٌ مِنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත . තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව! යැයි පවසන්නෝ ය.
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
ඔවුන් ඉවසිලිවන්තයින්ය. තවද සත්‍ය පවසන්නන්ය. තවද යටහත් වන්නන්ය. තවද වියදම් කරන්නන්ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ය.
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින්ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.

Choose other languages: