Surah Aal-E-Imran Ayahs #22 Translated in Sinhalese
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින්ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තව ද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝය) යැයි නුඹ පවසනු. තව ද නුඹලා යටහත් වූයෙහු දැයි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නොමැත්තන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තව ද අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.
أُولَٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව් කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
