Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #80 Translated in Sinhalese

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.
قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය
قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ
අහෝ උතුමාණනි! සැබැවින්ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ مَعَاذَ اللَّهِ أَنْ نَأْخُذَ إِلَّا مَنْ وَجَدْنَا مَتَاعَنَا عِنْدَهُ إِنَّا إِذًا لَظَالِمُونَ
අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා, එවිට අපි නියත වශයෙන්ම අපරාධකරුවන් වෙමු යැයි ඔහු පැවසුවේය.
فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُمْ مَوْثِقًا مِنَ اللَّهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُمْ فِي يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي ۖ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන් ව ගියෝය. නියත වශයෙන්ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද? එහෙයින් මාගේ පියා මා හට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නොයමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේය

Choose other languages: