Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #55 Translated in Sinhalese

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدْتُنَّ يُوسُفَ عَنْ نَفْسِهِ ۚ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِنْ سُوءٍ ۚ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدْتُهُ عَنْ نَفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවාය.
ذَٰلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي كَيْدَ الْخَائِنِينَ
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නොකළ බවටත් සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණ වලට මග නොපෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිසය.
وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي ۚ إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ
තවද මාගේ ආත්මය මම නිර්දෝෂි නොකරමි. නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය.)
وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ
මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. රජු ඔහු සමග කථා කළ විට "නියත වශයෙන්ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේය.
قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ
මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.

Choose other languages: