Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #58 Translated in Sinhalese

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ
මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. රජු ඔහු සමග කථා කළ විට "නියත වශයෙන්ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේය.
قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ
මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَنْ نَشَاءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
තවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු
وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය.
وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන් ව හඳුනා ගත්තේය.

Choose other languages: