Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #71 Translated in Sinhalese

وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුහු නැවත හැරී නොයති.
وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ
තවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙම් ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නොවේද?
وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ
අපි ඔහුට (මුහම්මද්ට) කාව්ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්ය නොවීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් මිස වෙනෙකක් නැත.
لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
(මෙය) ජීවමාන ව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිසය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිසය.
أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ
අපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ.

Choose other languages: