Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #51 Translated in Sinhalese

وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ
තවද අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර ලබා දිය යුතු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියෝය.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද “නුඹලා සත්යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදාදැ”යි ඔවුහු විමසති.
مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
එකම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නොවෙති. ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන් හසු කර ගනී.
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ
එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නොදරති.
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ
තවද හොරණෑවෙහි පිඹිනු ලැබීය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැර ව යති.

Choose other languages: