Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #43 Translated in Sinhalese

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ
තවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.
لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.
وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ
තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ.
وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ
තවද අපි ඔවුනට ඒ හා සමාන ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු.
وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂ ව කිසිඳු හඬක් නොවනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නොලබති.

Choose other languages: