Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #77 Translated in Sinhalese

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ
නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්රේෂ්ඨය. වඩාත් ස්ථායීය.
إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَنْ تَزَكَّىٰ
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.
وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ
තවද නුඹ මාගේ ගැත්තන් සමග රාත්රියෙහි පිටත් ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නොවනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නොවනු යැයි සැබැවින්ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.

Choose other languages: