Quran Apps in many lanuages:

Surah Sad Ayahs #49 Translated in Sinhalese

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු.
إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ
මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ
තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි.
وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ
තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතරිනි.
هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ
මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත.

Choose other languages: