Quran Apps in many lanuages:

Surah Saba Ayahs #19 Translated in Sinhalese

لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِنْ رِزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ
නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් තිබිණි. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. නගරය ද පිවිතුරු ය. පරමාධිපති ද අතික්ෂමාශීලී ය.
فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ
නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත වේල්ලෙන් ජල ගැල්ම එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු.
ذَٰلِكَ جَزَيْنَاهُمْ بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ
එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර වෙනත් කිසිවෙකුට (මේ අයුරින්) අපි ප්‍රතිවිපාක ලබා දෙන්නෙමුද?
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ
ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන ද සැලසුම් කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.
فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنْفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝය. ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන් ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන්ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.

Choose other languages: