Quran Apps in many lanuages:

Surah Nooh Ayahs #10 Translated in Sinhalese

فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නොකළේය.”
وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝය. තවද පාපකම්හි නිරත වූවෝය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا
“පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.”
ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට දැනුම් දුනිමි.”
فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය යැයි මම පැවසුවෙමි.”

Choose other languages: