Quran Apps in many lanuages:

Surah Nooh Ayahs #25 Translated in Sinhalese

قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑවෝය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
وَمَكَرُوا مَكْرًا كُبَّارًا
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝය.”
وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නොහරිනු යැයි ඔවුහු පැවසුවෝය.”
وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝය. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝය. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබුවෝය.

Choose other languages: