Quran Apps in many lanuages:

Surah Nooh Ayahs #26 Translated in Sinhalese

وَمَكَرُوا مَكْرًا كُبَّارًا
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝය.”
وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නොහරිනු යැයි ඔවුහු පැවසුවෝය.”
وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝය. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝය. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබුවෝය.
وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا
“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.

Choose other languages: