Quran Apps in many lanuages:

Surah Muhammad Ayahs #29 Translated in Sinhalese

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ
ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම පසුපස හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එය) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට ආශාවන් ඇති කළේය.
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ
එය, සැබැවින්ම ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන්ට " (මේ) කරුණු අතරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ
නමුත් ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වීද?
ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ
මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේය.
أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ
එසේ නැතහොත් ඔවුන්ගේ ක්රෝධය අල්ලාහ් හෙළි නොකරන්නේම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?

Choose other languages: