Quran Apps in many lanuages:

Surah Muhammad Ayahs #24 Translated in Sinhalese

وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
තවද (යුද්ධය සම්බන්ධ ව) පරිච්ඡේදයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක පරිච්ඡේදයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ දෙස ඔවුහු බලති. එහෙයින් ඔවුනට වඩාත් සුදුසුය;
طَاعَةٌ وَقَوْلٌ مَعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَهُمْ
එනම් අවනතභාවය හා යහපත් ප්‍රකාශය (ඔවුනට වඩාත් සුදුසුය). එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ් ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.
فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ
නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ
අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ බැල්ම අන්ධභාවයට පත් කළේය.
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا
එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේද?

Choose other languages: