Quran Apps in many lanuages:

Surah Maryam Ayahs #42 Translated in Sinhalese

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُبِينٍ
ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.
وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ
ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.
إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ
නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙතමය.
وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا
ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම් ව මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු සත්යවාදී නබිවරයකු විය.
إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا
මාගේ පියාණනි! සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: