Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #26 Translated in Sinhalese

وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ ۗ وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ
තවද කවරෙකු දැහැමියකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු ශක්තිමත් රැහැනක් තදින් ග්‍රහණය කර ගත්තේය. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් වෙතය.
وَمَنْ كَفَرَ فَلَا يَحْزُنْكَ كُفْرُهُ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසු ව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ්, ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.

Choose other languages: