Surah Hud Ayahs #102 Translated in Sinhalese
يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ ۖ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන් ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය.
وَأُتْبِعُوا فِي هَٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ
තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْقُرَىٰ نَقُصُّهُ عَلَيْكَ ۖ مِنْهَا قَائِمٌ وَحَصِيدٌ
මේවා අපි නුඹ වෙත අප කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂ ව පවතින දෑ ද මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත.
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ ظَلَمُوا أَنْفُسَهُمْ ۖ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللَّهِ مِنْ شَيْءٍ لَمَّا جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නොවීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නොකළෝය.
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَىٰ وَهِيَ ظَالِمَةٌ ۚ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ
තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙසය. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
