Quran Apps in many lanuages:

Surah Hud Ayahs #42 Translated in Sinhalese

وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ
තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විටම ඔහුට ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසීය.
فَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُقِيمٌ
එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත.
حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළේය.
وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ
නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.
وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමග නොවනු.

Choose other languages: