Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #48 Translated in Sinhalese

فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
එමෙන්ම ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම් වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලීය.
النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ
(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)
وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا نَصِيبًا مِنَ النَّارِ
තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෝ” දැයි දුබලයින් උඩඟු වූ අයගෙන් විමසනු ඇත.
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති.

Choose other languages: