Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #29 Translated in Sinhalese

فَلَمَّا جَاءَهُمْ بِالْحَقِّ مِنْ عِنْدِنَا قَالُوا اقْتُلُوا أَبْنَاءَ الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءَهُمْ ۚ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
අප වෙතින් වූ සත්යය සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමග වූ දේවත්වය විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසුවෝය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත.
وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَنْ يُبَدِّلَ دِينَكُمْ أَوْ أَنْ يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ
තවද “නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත. එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ මතු කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය.
وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ
තවද “විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි“ යැයි මූසා පැවසුවේය.
وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَنْ يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءَكُمْ بِالْبَيِّنَاتِ مِنْ رَبِّكُمْ ۖ وَإِنْ يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ ۖ وَإِنْ يَكُ صَادِقًا يُصِبْكُمْ بَعْضُ الَّذِي يَعِدُكُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ
තවද “මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පරපුර තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය.
يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَنْ يَنْصُرُنَا مِنْ بَأْسِ اللَّهِ إِنْ جَاءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَىٰ وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය.

Choose other languages: