Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #14 Translated in Sinhalese

إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِنْ سَبِيلٍ
අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති.
ذَٰلِكُمْ بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُمْ مِنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَنْ يُنِيبُ
ඔහු වනාහි ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නොලබනු ඇත.
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.

Choose other languages: