Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #51 Translated in Sinhalese

إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِنْ ثَمَرَاتٍ مِنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِنْ شَهِيدٍ
අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙතමය. ඔහුගේ දැනුමෙන් තොර ව පලතුරු කිසිවක් එහි කෝෂ වලින් පිට නොවෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නොගනියි. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ?යි” එදින අල්ලාහ් ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَدْعُونَ مِنْ قَبْلُ ۖ وَظَنُّوا مَا لَهُمْ مِنْ مَحِيصٍ
තවද මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යනු ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝය.
لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ
යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නොවෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.
وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِنْدَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ
තවද ඔහුට වැළඳුණු පීඩිත තත්ත්වයෙන් පසු ව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේය. අවසන් හෝරාව සිදුවන්නක් බව මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන්ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන්ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.
وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ
තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ලෙස ප්රාර්ථනා කරන අයෙකු වෙයි.

Choose other languages: