Quran Apps in many lanuages:

Surah Fatir Ayahs #45 Translated in Sinhalese

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَهُمْ نَذِيرٌ لَيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَا زَادَهُمْ إِلَّا نُفُورًا
සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත ඔවුන් දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට වැඩි කළේ නැත.
اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنْظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا
(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම( මිස වෙන කිසිවක් ඔවුනට වැඩි කළේ නැත.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. මුතුන්මිත්තන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නෙහිමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිමය.
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا
මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝය. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කළ නොහැක. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا
තවද ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.

Choose other languages: