Surah Fatir Ayahs #41 Translated in Sinhalese
وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ
තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නොවන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”
إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නාය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥය.
هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවම ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත.
قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِنْهُ ۚ بَلْ إِنْ يَعِدُ الظَّالِمُونَ بَعْضُهُمْ بَعْضًا إِلَّا غُرُورًا
(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.”
إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَنْ تَزُولَا ۚ وَلَئِنْ زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِنْ بَعْدِهِ ۚ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්ත අතික්ෂමාශීලී අයෙකි.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
