Quran Apps in many lanuages:

Surah Fatir Ayahs #37 Translated in Sinhalese

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
(එහි අද්න් නම්) සදාතනික උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලබෙති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද ය.
وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ
තවද “අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා ගුණගරුක ය” යැයි ඔවුන් පවසනු ඇත.
الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ
“ඔහු වනාහි ඔහුගේ භාග්යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි කිසිදු දුෂ්කරතාවක් අප ස්පර්ශ නොකරයි. තවද එහි කිසිදු දොම්නසක් අප ස්පර්ශ නොකරයි.”
وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِي كُلَّ كَفُورٍ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.
وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ
තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නොවන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”

Choose other languages: